පළාතක්ම බිය ගන්වමින් බයික් රථයෙන් පත්තු වූ වෙඩිල්ල - CCTV දර්ශන මෙන්න ..(CCTV VIDEO)

accident bike bicycle Gonupinuvala CCTv
By Sewvandhi Feb 28, 2022 08:38 AM GMT
Report

ගෝනාපිනුවල, මං සන්ධියේදී යතුරුපැදියක් හා පාපැදියක් ගැටී අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුර සිදුවීමෙන් අනතුරුව යතුරුපැදියේ ගමන්ගත් තරුණයෙක් පිටේ දමාගෙන සිටි බෑගය උදුරා ගැනීමට කිසයම් පුද්ගලයෙකු විසින් උත්සහ ගන්නා අයුරු ද වීඩියෝවේ දැක්වේ.

එම අවස්ථාවේ දී යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයාගේ ගමන් මල්ලෙහි තිබු T56 ගිනිඅවිය හදිසියේ ම ක්‍රියාත්මක වේ.

අදාළ ගිනිඅවියෙන් උණ්ඩ තුනක් නිකුත් වී ඇති අතර, කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැත.

ඊයේ (27) උදෑසන මෙය සිදුව ඇති අතර, ගිනිඅවිය රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විස්තර මේ වන විට හඳුනාගෙන ඇති අතර ගෝනාපීනුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now