මංතීරු 4කින් යුත් පාලමක් කඩා වැටෙන හැටි කැමරාවක සටහන් වෙයි - (VIDEO)

India Bihar
By Sewvandhi Jun 05, 2023 11:21 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුව සහ විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂය අතර මත ගැටුම් ඇතිව තිබෙන බවයි.

ඊයේ (04) සවස මංතීරු හතරකින් යුත් මෙම පාලම කඩා වැටී ඇති අතර පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා.

පාලම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 1,700ක් වන අතර ඉදිවෙමින් පවතින විට කඩා වැටුණු දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දීය රජය නියෝග කර ඇති අතර අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවද සඳහන් කර තිබෙනවා පාලම අසල සේවයේ නියුතු මුරකරුවෙකු අතුරුදහන් වී ඇති අතර, ඔහු සොයා ගැනීම සඳහා සහන නිලධාරීන් උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now