බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ යයි..

Climate Change Economy of Sri Lanka Businessman Weather
By Sewvandhi Apr 02, 2024 09:41 AM GMT
Report

වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කරන්නේ, වෙළඳපොළේ බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර වියළි කාලගුණයත් සමග අස්වනු අඩුවීම ඊට හේතුව බවයි.

මීට පෙර රුපියල් සියයකට පමණ අලෙවි වූ සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අතක මිල මේ වන විට රුපියල් 300කට ආසන්න මට්ටමක පවතිනවා.

බුලත් අලෙවිකරුවන්ගේ අදහස වන්නේ, සිංහල අලු‍ත් අවුරුදු සමය උදා වීමත් සමග බුලත් අලෙවිය ඉහළ යන අතර, පවතින තත්ත්වය හමුවේ බුලත් සපයා ගැනීම බරපතළ ගැටලු‍වක් වනු ඇති බවයි.