බැසිල් ගැන මෛත්‍රී ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)

Sri Lanka Political Basil Rajapakshe Maithreepala sirisena
By Aruna Jan 06, 2022 06:35 AM GMT
Report

අද වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බියගම කර්මාන්ත ශාලාවේ නො නවත්වා මුදල් අච්චු ගසමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රුපියල් ඇති තරම් මුද්‍රණය කළ හැකි වුවද ඩොලර් එසේ මුද්‍රණය කළ නොහැකි බව ඔහු පැවසීය.

අද වන විට ආර්ථික අර්බුදය මූලික කරගෙන තවත් අර්බුද ගණනාවකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බවද හෙතෙම සදහන් කලේය.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වත්මන් රජයේ නිසි කළමනාකරණයක් නොමැතිකම බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now