බේරේ වැව පිරිසිදු කිරීමට මුහුදු ජලය ඇතුළු කිරීමේ විශේෂ ව්යාපෘතියක්
ක්ෂණික සහ කෙටිකාලීන විසඳුමක් ලෙස බේරේ වැවට මුහුදු ජලය ඇතුළු කර එමගින් වැව පිරිසිදු කිරීමේ විශේෂ තාක්ෂණික ව්යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ව්යාපෘතිය සඳහා අවශ්ය පූර්ණ මූල්ය දායකත්වය ලබාදීමට ප්රමුඛ පෙළේ ව්යාපාරිකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා එකඟතාව පළ කර ඇත.
බේරේ වැවේ පිරිසිදුභාවය සහ අලංකාරය තිරසාරව පවත්වාගෙන යාම සඳහා වන දිගුකාලීන සැලසුම් මෙවර රජයේ අයවැය ප්රතිපාදන යටතේ ක්රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා කොළඹ මහා නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය.
බේරේ වැව පිරිසිදු කිරීම සහ අලංකරණය කිරීම සම්බන්ධයෙන් රාජ්ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් විශේෂ සාකච්ඡාවක් අද (09) හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
එම සාකච්ඡාව පූජ්ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක හිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙන් සහ උපදෙස් මත පැවැත්වුණු අතර, එහිදී ව්යාපෘතියේ ඉදිරි ක්රියාමාර්ග සහ ක්රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.