සියලු රූපලාවන්‍යාගාර ජූලි 27 වන දා සිට තහනම් කරයි

Afghanistan
By Sewvandhi Jul 24, 2023 04:33 PM GMT
Report

තලේබාන් සංවිධානය විසින්, සියලු රූපලාවන්‍යාගාර ජූලි 27 වන විට වසා දමන ලෙස නියෝග කර තිබෙනවා.

වාර්තා වන්නේ, ඇෆ්ගනිස්ථානයේ සියළුම රූපලාවන්‍යාගාර වසා දැමීමට නියමිත බවයි. කෙසේ වෙතත්  මේ හේතුවෙන් රැකියා සංඛ්‍යාව 60,000ක් පමණ අහිමි වී යන බවයි,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙසේ රූපලාවණ්‍යාගාර වසා දැමීම නිසා කාන්තාවන්ගේ නිදහස තවදුරටත් හීන වන අතර මෙම ව්‍යාපාරය ඔස්සේ යැපෙන පවුල්වලට දැඩි ආර්ථික පහරක් එල්ල වන බවයි.

තලේබාන් සංවිධානය ගත් මෙම තීරණය නිසා කාන්තාවන් දැඩිව සිය කණගාටුව පළ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.