ගොඩක් අයට තියෙනවා - ඒත් නොසලකා හරින මේ මාරාන්තික රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න. (VIDEO)
මොළයේ ගෙඩි කියන්නේ මොළයේ කිසියම් තැනක ඉතා කුඩා තිතක් මෙන් හටගන්නා ගැටිත්තක් ඊට පස්සේ එක ගෙඩියක් ලෙස ටිකෙන් ටික විශාල ගෙඩියක් බවට පත්වෙනවා.ඒ අනුව රෝග තත්ත්වයද බරපතල තත්ත්වයට පත්වනවා වගේම රෝග ලක්ෂණද පෙන්නුම් කිරීමට පටන් ගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මොලේ ගෙඩියක් හටගන්නා බවට පෙන්නුම් කරන ලක්ෂණ කිහිපයක් ගැනයි අපි අද කතා කරන්න හදන්නේ.
රෝග ලක්ෂණ
? හිසරදය. එක්වරම හටගන්නා මෙහි කැක්කුම් ඇතිවන ස්වභාව වරින්වර වෙනස් වන නමුදු ක්‍රමයෙන් ඉහළ යයි.
? හේතු රහිත වමනය යාම සහ ඔක්කාරය.
? ඇසේ අපහසුතා සහ පෙනීමේ දුර්වලතා
? අතපය නොමැති ලෙස දැනීම සහ අක්‍රිය වීම
? කන් ඇසීමේ අපහසුතා
? ඔලුව හිරිවැටීම
? සමබරතාව නැතිව වැටෙන්නට යාම
? කතා කිරීමේ අපහසුතා
? ගතිපැවතුම් හැසිරිම් වෙනස් වීම
? හදිසි අපස්මාරය
? මතකය හෝ සිතන ආකාරය වෙනස් වීම
?ඔබේ ස්නායු ශිර්ෂකය ප‍්‍රදේශයේ ගෙඩියක් ඇති හටගත්තොත් ඇස, කන, දිව, බෙල්ල, මුහුණ ආදී කොටස්වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යනවා.එතකොට කට පැත්තකට ඇද වී හෝ විරෑපී ස්වභාවයක් ඇති කරන්නත් බොහෝ වෙලාවට ඉඩ තියෙනවා.
? මේ රෝගය මගින් මතකය අඩු වීමට පටන් ගන්නවා .ඒ වගේම කෙනෙක් සමග දක්වන සන්නිවේදන සබඳතාව අඩාල වීම සහ ගොත ගැසීම ඇති වෙනවා.
? විශේෂයෙන්ම මොළයේ හටගන්නා ගෙඩිවලට ප‍්‍රතිකාර කිරීමේදී එම ගෙඩියේ ස්වරූපය වෛද්‍යවරුන් විසින් නිවැරැදිව හඳුනාගැනීම අත්‍යවශ්‍ය කරුණක් .
? මොකද සමහර විට ඒක පිළිකාවක් වෙන්න ද ඉඩ තියෙනවා.ඒ වගේම සිරුරේ වෙනත් ස්ථානයක ඇති පිළිකාවක ප‍්‍රතිඵලයක් විදිහට මොළයේ ගෙඩිහට ගැනීමටද ඉඩ තියෙනවා.
උදාහරණයක් විදිහට පෙනහළු පිළිකා, වකුගඩු පිළිකා නිසා ඒවා මොළයට කරන බලපෑමෙන් ගෙඩි ඇතිවෙන්න පුළුවන්.
අද අපි කිව්වා මෙන්න ලක්ෂණ තමයි ඔබේ මොලයේ ගෙඩියක් හටගන්නා බවට පෙන්වන රෝග ලක්ෂණ කිහිපය ඉතින් අද අපි ගෙනාපු විස්තර ටික ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.