බී බී සී නිවේදකයා රෝහල්ගත වෙයි..!

By Sewvandhi Jul 13, 2023 09:31 AM GMT
Report

බී බී සී ආයතනය පවසන්නේ, යෞවනයෙකුගෙන් අසභ්‍ය ලිංගික රූප ගෙන්වාගෙන ඒ සඳහා මුදල් ගෙවා ඇති බවට චෝදනා එල්ලවූ බී බී සී නිවේදයකයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

ඊයේ(12) පළමුවරට දින කිහිපයකට පෙර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකළ අතර එම චෝදනාව එල්ලවූ නිවේදකයාගේ නම වාර්තා වුණි.ඔ,හු ප්‍රකට බී බී සී නිවේදකයෙක් වන හියු එඩ්වර්ඩ්ස් ය.

ඔහුගේ නම පළමු වරට හෙළිකළේ ඔහුගේ බිරිඳ විසිනි. ඇය, එඩ්වර්ඩ්ස් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබුණි.

මේ වනවිට එඩ්වර්ඩ්ස් මානසික සෞඛ්‍ය ගැටලු හේතුවෙන් රෝහල් ගත කර ඇති බව සඳහන් වෙයි. මේ අතර පොලීසිය පවසා ඇත්තේ ඔහුට එල්ලකර ඇති චෝදනා අපරාධ ගණයේ ලා සැලකිය නොහැකි බවය.