20 බැසිල් ලංකාවට එයි. එන අරමුණ මෙන්න.

Basil Rajapaksa
By Wayomi Nov 16, 2022 06:17 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ලබන 20 වෙනිදා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

ඔහු මෙලෙස පැමිණෙන්නේ, ඉදිරි පළාත් පාලන මැතිවරණ වැඩකටයුතු සඳහා පක්ෂයේ වගකීම 'කරට ගෙන' ඒ සඳහා වූ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බවයි අභ්‍යනතර ආරංචි මාර්ග පවසන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ස්ථාවර කර ගනිමින් විවිධ මතවල සිටින පක්ෂයේ මන්ත්‍රීන් යළි එක් කිරීම මෙන්ම පක්ෂයක් ලෙස ඉදිරි කටයුතු සංවිධානය කිරීම බැසිල් රාජපක්ෂ බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW