අත්‍යවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් මුදල් ඇමති සහ ජනපතිගෙන් නවතම තීරණයක්
ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යෑමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා.
රේගුව භාරයට බහන්ඩ බහන්ඩ කඩිනමින් නිදහස් කිරීමටත් ජනපතිගෙන් උපදෙස් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර සිටිනවා
රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළෙහි හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමිනුයි ඔහු මෙම තීරණයට එළැඹ ඇත්තේ.
ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳ අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පැවැත් වුණා.
එළැඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙසටයි නිලධාරින්ට දැනුම් දුන්නේ.
තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙස සහ එහිදී කුඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැඟවීමට ඉඩ නොතැබිය යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස ද දැනුම් දී ඇති අතර මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පැවරුවා.
අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ මුදල් අමාත්‍යාංශයේ හා රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |