බැසිල් ගේ උතුරු කොරියානු ගණුදෙනුව ගැන ෆොන්සේකාගෙන් හෙලිදරවුවක්..
ශ‍්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ දී උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප‍්‍රකාශය එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප‍්‍රතික්ෂේප කරනවා.
ප‍්‍රධාන වශයෙන්ම එකල ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත්තේ චීනයෙන් බවද ඔහු පැවසීය.
එමෙන්ම චෙකෝස්ලෝවැකියාවෙන් සහ පාකිස්තානයෙන්ද ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත් බවද හෙතෙම සදහන් කරයි.
යුද සමයේ දී කළු කඩයෙන් ඩොලර් ගෙන උතුරු කොරියාවෙන් ආයුද මිලට ගත් බවට මුදල් ඇමතිවරයා මෑතකදී කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
මේ අතර මුදල් අමාත්‍යවරයාගේ මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමතිය පළ කරමින් කියා සිටින්නේ උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීම පුදුමය දනවන ක්‍රියාවක් බවයි.
විදෙස් මාධ්‍ය ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තා කරමින් කියා සිටියේ කලකට පෙර විකිලීක්ස් කේබල් හරහාද මේ ගැන හෙලිදරවු කර තිබූ බවයි.
දිවයින පුවත්පත සමග බැසිල් රාජපක්‍ෂ මහතා පල කර ඇති අදහස් මෙසේය.
මම යුද්දෙ යන කාලේ ඩොක්ටර් ජයසුන්දරවත් අයින් කරලා තිබිල තෙල් නැවට සල්ලි ගෙව්වේ මේ පිටකොටුවෙන් අරගෙන.
හරියට සුමාන දෙකකට සැරයක් නැවක් එනකොට අපි ඩොලර් එකතු කරන්නේ සුමිත් අබේසිංහයි මායි ගිහිල්ල මේ පිටකොටුවේ ඉන්න මුදලාලිලාගෙන්. හැම මිනිහටම කෝල්ස් දීල අහනවා ඔයා ගාව ඩොලර් කීයක් තියෙනවා ද කියල අහල ගෙන්න ගන්නවා.
එහෙම අරගෙන තමයි පෙට්‍රෝලියම් එකට දෙන්නේ.
ප්‍රශ්නය : එහෙම කරන්න පුළුවන් නම් හොඳයි ?
පිලිතුර : ඇයි බැරි එහෙම කරන්න?
ඒක තමයි මෙවැනි වෙලාවක එතකොට ඇන්. ඇම්. පෙරේරා කළෙත් ඒකමනේ.
ඇන්. ඇම්. කළෙත් එයා මැණික් කාරයන්ට යැව්වම වෙනම දුන්න මොකක්ද ක්‍රමයක් සල්ලි වගයක්, ඩොලර් වගයක්.
ඕක මෙහෙමයි. මේක සෙන්ට්‍රල් බෑන්ක් එක පැත්තෙනුයි ආණ්ඩුව පැත්තෙනුයි අවාසියි.
හැබැයි රටක් හැටියට එහෙම බැහැ. මම කියන්නේ මට ඕන වැඩියෙන්ම ඩොලර් කොයි ක්‍රමයට හරි පිටරට ගිහින් උන්ඩියල් ක්‍රමයට හරි….
ඔයා කියන්න යුද්දේ යන වෙලාවේ බුෂ් මාස්ටර් ගන් එකට අපි පතුරම් ගත්තේ කොහොම ද?
උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොම ද?
ඒ නිසා යුද්දෙට ගිය වෙලාවේ අපි සමහර ඒවා ගත්තේ ඔය බ්ලැක් මාකට් එකේ සල්ලි වලින්….
මේකයි ශ්‍යාම් මේකේ… එක පැත්තකින් බැලූවොත් හරි.
නමුත් මගේ නම් අදහස කොහෙන් හරි රටට ඩොලර් එන්න ඕන.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |