බැසිල් රාජපක්ෂ ගැන වන ප්‍රචාරයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණෙන් විශේෂ නිවේදනයක්..

Basil Rajapaksa Sri Lanka Politician
By krishani Nov 28, 2022 07:27 AM GMT
Report

බැසිල් රාජපක්ෂට එරෙහිව ඇති බිල්පත් චෝදනාව අසත්‍යයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි සදහන් වන්නේ, පුද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණි අවස්ථාවට අදාළව ගුවන්තොටුපොල කටයුතු ගැන සාවද්‍ය තොරතුරක් ප්‍රචාරය වෙමින් පවතින බවයි.

බැසිල් රාජපක්ෂ හා ඔහුගේ භාර්යාව යළි දිවයිනට පැමිණිමේ දී ගුවන්තොටුපොලේ ප්‍රභූ පර්යන්තය භාවිතා කර ඇති අතර එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400ක් ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම වෙත ගෙවා ඇත.

ඔහු පිළිගැනීමට පැමිණි අය සඳහා තේ පැන් සංග්‍රහයක් ලබා දී ඇති අතර එයට අදාළ බිල්පත් බැසිල් රාජපක්ෂගේ පාර්ශවයෙන් ගෙවූ බවත් එම බිල්පත් ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම විසින් ගෙවූ බවට වන ප්‍රචාරය අසත්‍යයක් බවත් එම නිවේදනයේ දැක්වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...



Join