බැසිල්ට සැපයූ පහසුකමක් ගැන විශේෂ නිවේදනයක්..

Basil Rajapaksa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Nov 27, 2022 03:43 AM GMT
Report

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට පසුගියදා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ ආලින්ද පහසුකම ලබාදීම ගැන ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

හිටපු අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට පසුගිය නොවැම්බර් 20 වනදා එම පහසුකම ලබාදුන්නේ මුදල් ගෙවීමේ පදනම මත බව එම නිවේදනයේ සදහන් කර ඇත.

එම ගෙවීම් නිසි පරිදි සිදුකර ඇති බවත් ඔහු පිළිගැනීමට ගුවන් තොටුපලට පැමිණි විශේෂ අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීම පිළිබඳවත් එහි කරුණු සදහන් කළ තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join