බැසිල් රාජපක්ෂ දිවයිනට - පක්ෂයේ නායකත්වය ඔහුට ද?..

Basil Rajapaksa Sri Lanka Politician
By krishani Nov 20, 2022 03:22 AM GMT
Report

අද (20) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාට එරෙහිව පැවති විරෝධතාවයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණු අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා, බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග පක්ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

කෙසේවෙතත් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීම බැසිල් රාජපක්ෂ මහතා සතු කාර්යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join