චමල්ට විරුද්ධව බැසිල් ගහපු ගේමක් මාට්ටුවෙයි..ගෝඨාභයටත් වැඩේ දෙන්න යයි..ආන්දෝලනාත්මක හෙළිදරව්වක්(VIDEO)

Gotabaya Rajapakshe Basil Rajapakshe Chamal Rajapakshe
By Aruna Mar 15, 2022 01:40 AM GMT
Report

1982 මුල්කිරිගල ආසනයේ අතුරු මැතිවරණයේදී චමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරද්දී ප්‍රතිවාදී එජාපයෙන් ඉදිරිපත්වූ ආනන්ද කුලරත්න මහතාගේ මැතිවරණ කළමනාකරුවා ලෙසින් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා.

එදා චමල් රාජපක්ෂට එරෙහි වූ බැසිල් මෙදා ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව ඝාතනය කරමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අන්තර්ජාල නාලිකාවක වැඩසටහනක් හා එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, රට බංකොලොත් වූවා නොව සිතාමතාම බංකොලොත් කළ බවයි.

පසුගිය වසරේ ආනයනය සඳහා බිලියන 21 වියදම් කළ අතර ඉන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කර ගත්තා නම් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සැපයීමට තිබුණු බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

මෙම ඩොලර් ප්‍රශ්නයට වගකිව යුත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවත් ඔහු සිතාමතාම රටේ ආර්ථිකය බිඳ වට්ටමින් සිටිනුයේ බෙලහීන වන ශ්‍රී ලංකාව තුළ විදේශ ආධිපත්‍ය ගොඩනැගීමට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී ප්‍රකාශකර සිටියා.

කාලීන දේශපාලන අර්බුදයේ තිරය පිටුපස රහස් රැසක් නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී හෙළිදරව් කළේය.

දර්ශන අයිතිය චමුදිත සමරවික්‍රම යූටියුබ් නාලිකාව


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now