පවුල් එක්ලක්ෂ 15867කට දෙන්න යන අලුත්ම සහනය මෙන්න..එක පවුලකට 15ක්.

Police Basil Rajapakshe
By Aruna Feb 15, 2022 05:05 AM GMT
Report

සහන සැලසීමේ පියවරක් ලෙස වතු කම්කරු පවුල් 115,867 ට මසකට තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 බැගින් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර දැඩි කතාබහකට ලක්වූ අධිභාර බද්දට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුලු අරමුදල් 11 ක් ඇතුලත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

මෙම අධිභාර බද්ද අයකරගන්නා ආකාරය පිළිබඳ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මුදල් අමාත්‍යවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අමාත්‍යවරුන් සිය අදහස් යෝජනා මෙන්ම චෝදනා ද ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

ඉකුත් අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වන්නේ රුපියල් මිලියන 2,000 කට වඩා බදු අය කළ හැකි සමාගම් සහ පුද්ගලයින් මත එකවරක් පමණක් අයකරන සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමටයි.

එම බද්ද අය කිරීමේදී සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ද ඊට ඇතුලත් වන බවටයි බොහෝ පාර්ශව පෙන්වා දුන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now