බැසිල්ගේ IMF ණය ඉල්ලීම ගැන පැතිර යන කතාව මෙන්න.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිලිබදව අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලා ඇත.
ඒ අනුව එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණිම නියමිත බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.
‘විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා.
අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි.
අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා.
ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා. හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි.
ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ. අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා’ මේ පිලිබදව පැහැදිලි කිරීමක් ලබා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු ඇමතූ මෙරට මාධ්‍යවේදියෙකුට ඔවුන් ලබා දී ඇත්තේ මෙවන් ප්රතිචාරයකි.
‘මූල්‍ය පහසුකම් හෝ උපදෙස් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් කිසිම ඉල්ලීමක් ලැබී නෑ. අප උපදේශකයන් එරටට එවීමට එකඟවී නෑ’
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |