බැසිල් යළිත් පක්ෂය ශක්තිමත් කිරීමට පෙරමුණ ගනියි

Abbas SLPP Basil Rajapaksa
By Sithumi සති 1 කට පෙර
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබෙනවා.

එහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයි දින රැළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කළ බව සඳහන් වනවා. පළාත් පාලන ඡන්දයට පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම හා 19 වනදායින් පළාත් පාලන ආයතන කාලය අවසන් වන බැවින් අනතුරුව ඇති වන තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණයට අදාලව දිස්ත්‍රික්ක මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයන්ට අමතරව අපේක්ෂකයින් විසින් තම බල ප්‍රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා.  


 ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර