රාජ්‍ය පාලනයෙන් ඉවත් වූ බැසිල් කියන කතාව

Parliament of Sri Lanka Basil Rajapaksa Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Jun 09, 2022 10:47 AM GMT
Report

අද සිට තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

"අද ඉඳලා බොහෝ දුරට මම මුල ඉඳලාම විශ්වාස කරපු දෙයක් තමා රාජ්‍ය පාලනයත් දේශපාලනයත් කියන්නේ දෙකක් කියලා. ඒකේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනයෙන් බැහැර වීම තමා අද තීන්දුවේ ප්‍රධානම ඉලක්කය. ඒ අනුව අද ඉඳලා රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නැතිබව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ නෑ. මොකද මාත් එක්ක හිටිය සියලුදෙනා වෙනුවෙන් ඒ දේ ඉදිරියටත් කරනවා අවශ්‍යතාවයක් තියෙනවා නම්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now