දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ හඳුනාගැනීම වැදගත් ඇයි?

Diabetes
By Wayomi Oct 26, 2022 08:06 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දියවැඩියාව කියන්නේ අද වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාටත් හැදෙන්න පුළුවන් මාරාන්තික රෝගී තත්වයක්. ඔබ දන්නවද මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයෙක් තරම් පිරිසක් තමාට දියවැඩියාව වැළඳී ඇති බව දන්නේ නැහැ. ඒ නිසාම මෙම රෝගය කියන්නෙම නිහඬ මාරකයක්.

දියවැඩියාව රෝගය වැළඳුණු විටදී හෘද රෝග, ක්ෂණික අබාධ, ඇස් රෝග, වකුගඩු රෝග වැළඳීම, පාද හෝ පදයේ ඇඟිලි කපා දැමීමට සිදුවීම සහ මරණයට පත්වීමේ අවදානම ඇති වෙනවා. මෙම රෝගය නිසි ප්‍රතිකාර මඟින් පාලනය කරගත හැකියි.

හැබැයි අවාසනාවට වගේ බොහෝ දෙනෙකුට මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ ගැන නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා දියවැඩියාව රෝගයේ අනතුරැ ඇඟවීම් පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් තමයි මේ කරන්න හදන්නේ.

රෝග ලක්ෂණ


අධික පිපාසය සහ සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම

🩺 මෙය දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණවලින් එක් විශේෂ රෝග ලක්ෂණයකි.

🩺 ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණයක් තිබේනම් ඔබට අසාමාන්‍ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්‍රා කිරීමට ද අවශ්‍ය වේ.

🩺 මෙම තත්ත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ.

🩺 මේ ආකාරයට විශාල ප්‍රමාණයකින් මුත්‍රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක් ද ඇති වේ.


ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම

🩺 ඔබ බර අඩුකර ගැනීම සඳහා සිදුකරන ව්‍යායාම සහ කෑම පාලනය වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුළ ඔබගේ ශරිරයේ බර අඩු වූවා නම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

🩺 මාස හයක කාලයක් තුළ ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.


නිදන්ගත තෙහෙට්ටුව

🩺 ඔබට සෑම අවස්ථාවකදීම විඩාවක් දැනෙනවා නම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්‍රා කරන නිසා ඔබගේ ශරීරය වියළීමයි.

🩺 ඔබ එසේ නොකරනවා නම් ඔබගේ ශරීරය තුළ ශක්තිය ලබාගැනීම සඳහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත. මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි.


ඇස් බොඳවීම

🩺 ඔබගේ ඇස් පෙනීම බොඳ වනවා නම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණයයි.

🩺 මෙහිදී පටක තුළ ඝන රැධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවෙයි. එමඟින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොඳ වී පෙනෙනු ඇත.


තුවාල සෙමින් සුවවීම

🩺 තුවාල සෑදුණු විටදී අසාමාන්‍ය ආකාරයට තුවාල සුව වීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි.

🩺 රුධිරයේ ඇති අධික සීනි ප්‍රමාණය තුවාල සුවවීමේ ක්‍රියාවලිය සඳහා බාධා ඇති කරනු ලබයි.


නිරන්තරයෙන් ආසාදන ඇති වීම

🩺 නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්‍රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ.


අත් සහ පාදවල හිරිවැටීම, දැවිල්ල සහ වේදනාව ඇති වීම

🩺 මෙම රෝග ලක්ෂණ ද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්‍රණය නිසා ස්නායු හානි වීම මගින්.


සමෙහි ඇතිවන ක්ෂණික ගැටලු

🩺 දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම, කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්ත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW