භයානක රෝග රැසක් වළක්වන බාර්ලි.

Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 02, 2022 04:09 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ධාන්‍ය වර්ග අතරින් පෝෂ්‍යදායීම ධාන්‍ය වර්ගයක් තමයි බාර්ලි. කෙඳී, සිලේනියම්, පොස්පරස්, තඹ, මැංගනීස් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසක් මෙහි අඩංගු වන අතර රෝග රැසකට ද ගුණදායකයි. සතියකට අවම වශයෙන් දින තුන හතරක් වත් බාර්ලි ආහාරයට එක් කර ගන්න.

බාර්ලි වල ගුණ

🌾 කාන්තාවන්ට වැළඳෙන භයානකම රෝගී තත්ත්වයක් වන පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාව.

🌾 ආර්තවහරණය සිදු වු මැදි වයසේ කාන්තාවන්ට ගුණයි.

🌾 අධික රුධිර පීඩනය අඩු කිරීම.

🌾 අධික කොලොස්ටරෝල් මට්ටම වැඩිවීමේ අවදානම අඩු කිරීම.

🌾 හෘදයාබාධ අඩු කිරීම.

🌾 ඒ වගේම බඩවැල් අශ්‍රිතව ඇති වන පිළිකා අවම කිරීම.

🌾 මහ බඩවැලේ නීරෝගී බව වර්ධනය කිරීම. 


අඩංගු පෝෂ්‍ය පදාර්ථ 

🌾 කැලරි 217 ක්

🌾 මේදය 1 g ක්

🌾 තන්තු 10 g ක්

🌾 ප්‍රෝටීන් 7g ක්

🌾 කාබෝහයිඩ්රේට 45g

🌾 මැග්නීසියම් 1 mg

🌾 සෙලේනියම් 23 mg

🌾 මකොපර් 3 mg

🌾 විටමින් B1 4 mg

🌾 ෆොස්ෆරස් 162 mg

🌾 මැග්නීසියම් 80 mg

🌾 විටමින් B3 8 mg        


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now