විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව නීතිඥ සංගමය සටනට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම සංගමයට ලබාදුන් සාකච්ඡාව වෙනුවෙන්.
ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක, සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින් ද එල්ල වූ විරෝධය මධ්‍යයේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය මඟින් ඉකුත් දා අනුමත කර තිබුණා.
ඊට අදාළ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ විය.
එවැනි පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබදව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ඉකුත් දා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකෙරුණු අතර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ පැවති හමුවක දී ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදු කර සිටියා.
එබැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.