මහ බැංකුව විසින් පොලී අනුපාතය එක වරම පහත දමයි..ගණුදෙනුකරුවන්ට විශේෂ දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Businessman
By Aruna Mar 26, 2024 02:40 AM GMT
Report

සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 50 කින් අඩු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තීරණයත් අනුව එය මේ වනවිට පිළිවෙලින් එය සියයට 8.50 සහ සියයට 9.50 මට්ටමේ පවතින බවයි දැනුම්දී ඇත්තේ.

මධ්‍ය කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත.