බැංකු ණය ගෙවීමට අපහසු අයට සහනයක්...

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Sithumi Nov 24, 2022 11:13 AM GMT
Report

මාසික වැටුප් ගන්නා අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තිබේ නම් අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කෙරුණේ යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදුනොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි බවය.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ,

"මෑතකදී අපි බැංකු කිහිපයක් සමග සාකච්ඡා කළා. මාසික වැටුප් ලබාගෙන ණයගෙවන අය සම්බන්ධයෙන් සාමාන්‍ය පොලී අනුපාතයකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ගෙවීම්වලට දැනටමත් ලෑස්ති කරලා තියෙනවා."

"බැංකුවලින් සහ ගනුදෙනුකරුවන්ගෙන් අපිට ඉල්ලීමක් කරන්න තිබෙන්නේ තමුන්ට යම් අපහසුතාවයක් තිබෙනවා නම් මේ වෙලාවේ මුදල් ගෙවන්න බැංකුවලට ගිහින් සාකච්ඡා කරන්න." "ඊට අවශ්‍ය පුළුල් මාර්ගෝපදේශය අපි දීලා තියෙනවා ඕනම බැංකුවකට. තමුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න."

"යම් කෙනෙකුට ඒක සිදුවෙන්නේ නැත්නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ට ඉල්ලීමක් කරන්න පුළුවන්." "දෙගොල්ලෝ සාකච්ඡා කරලා ගෙවන්න පුළුවන් විදිහට කරගෙන ගියේ තැන්නම් ඉදිරියට යන්න බැහැ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now