එකදිගට දින 05ක් බැංකු වසා දමයි..හේතුව මෙන්න..
දින පහක(05) කාලයක් වාණිජ බැංකු වසා තැබුවත් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර සහ ඔන්ලයින් බැංකු ගනුදෙනු ඇතුළු නවීන පහසුකම් යටතේ ගනුදෙනු කිරීමට හැකියාව ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (25) රාත්‍රියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේද කියා සිටියා.
රජය මුදල් අමාත්‍යංශය සාකච්ඡා කරලා තීරණය කළා ලබන 30 වැනිදා බැංකුවලට නිවාඩු ලබාදෙන්න.
ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහායි. ඒ පිළිබඳව මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය අවසන් එකඟතාවකට ඇවිත් තිබෙනවා.
එය ක්‍රියාත්මක කිරීම සඳහා කිසියම් කාල පරාසයක් අවශ්‍ය වනවා.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මුදල් කාරක සභාවට යොමුකළ යුතුයි.
දින පහක කාලයක් බැංකු වසා තබා වෙළෙඳ පොළ වසා තැබීම තුළ මෙම ක්‍රියාවලිය අවසන් කළ හැකියි.
බැංකු වසා තැබීම වෙන කිසිම හේතුවක් නිසා සිදු නොකරන බව අවධාරණය කරනවා.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල, පොලිය අඩු වන්නේ නැහැ.