ප්‍රධාන බැංකුවක් බංකොළොත් වීම හේතුවෙන් වසා දමයි..
American Express
By Aruna
සිලිකන්වැලි බැංකුව වසා දැමීමට ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඇමෙරිකාවේ සිලිකන්වැලි බැංකුව බංකොළොත්භාවයට පත්වීම හේතුවෙනුයි ඇමෙරිකා බලධාරින් විසින් එය වසා දැමීමට තීරණය කර ඇත්තේ.
2008 වසරේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මේ ආකාරයෙන් කඩා වැටීමට ලක් වූ ප්‍රථම බැංකුව වන්නේ සිලිකන්වැලි බැංකුවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සදහා අරමුදල් සම්පාදනය කරන ප්‍රධානතම බැංකුවක් වන මෙය බංකොළොත්භාවයට පත්වීම එරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට තදබල බලපෑමක් එල්ල කරනු ඇති බවද විශ්ලේෂකයන් පවසනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |