දින 03ක් බැංකුවකට සිදු වූ කිසිවෙක් නොසිතූ සිදුවීම මෙන්න..

Central Bank of Sri Lanka CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna May 29, 2024 02:50 AM GMT
Report

ජා ඇල ප්‍රදේශයේ සමූපාකාර ග්‍රාමීය බැංකුවකට ඇතුළු වී දින තුනක් එහි රැඳි සිටිමින් බැංකුවේ තිබූ සේප්පු කපා මුදල් හා රන්භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය සමත්ව තිබෙන බව වාර්තා වනවා.

අදාල කොල්ලය සිදුකළ සැකකරු පැය 48ක් ඇතුලත අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයක්. පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් දින හතරක බැංකු නිවාඩුවක් පවතිද්දි බැංකුවේ බිත්ති කඩා සැකකරු ඊට ඇතුලු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් අදාල බැංකුවේ පැති බිත්තියක් අඩි එකහමාරක පමණ විශ්කම්භයකින් හාරා එයට ඇතුල්වී ඇති අතර එහිදි රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝ 2ක් බරැති රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ 10කට අධික මුදලක්ද සොරගෙන ඇති අතර බැංකුවේ CCTV පද්ධතියද සම්පූර්ණයෙන් ගලවාගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..

17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..


මේ සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විමර්ෂණයක් ආරම්භ කළ අතර විමර්ශකයින් විසින් බැංකුවේ බිම වැටී තිබියදි සොයාගත් ග්‍රයින්ඩර් තල කිහිපයක් ද සොයාගෙන තිබේ.

සේප්පු කැපීමට යොදාගත් බවට සැකකෙරුණු එම ග්‍රයින්ඩර් තල චීනයෙන් ආනයනය කරන දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ආයතනයක් වෙත පොලීසිය ගොස් ඇති අතර එම ආයතනයෙන් අදාල සහය ලබාගෙන පසුව රාගම ප්‍රදේශයේ වෙළඳ ආයතනයක CCTV කැමරා පරික්ෂා කිරීමේදි පුද්ගලයෙකු මෝටර් රථයකින් අවස්ථා තුනකදි පැමිණ ග්‍රයින්ඩර් සඳහා යොදාගන්නා තල, අත්වැසුම්, අඬුමිටි ආදිය මිලදී ගන්නා අයුරු ද නිරීක්ෂණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔබත් මේ ලග්න 03නේ නම් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැත්නම් අමාරුවෙ වැටෙයි..

ඔබත් මේ ලග්න 03නේ නම් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැත්නම් අමාරුවෙ වැටෙයි..


ඒ සම්බන්ධව සැක සිතූ පොලීසිය අදාල මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශණ වලදි අනාවරණය වී ඇත්තේ සැකකරු කොළඹ ආශ්‍රිත රාත්‍රි සමාජ ශාලාවල නිරතුරුවම ගැවසෙන්නෙකු බවයි.

ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි ප්‍රසිද්ධ සමාජ ශාලාවක සිට පිටතට පැමිණෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

34 හැවිරිදි සැකකරු කැස්බෑව, මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් හමුවේ සැකකරු අපරාධය පාපොච්චාරණය කර ඇති අතර ඒ අනුව ජා ඇල ග්‍රාමීය බැංකුවෙන් කොල්ලකෑ රන් ආභරණ වලින් කොටසක් ඔහු තාවකාලිකව නවාතැන් ගෙන සිටින රාගම හොරපේ කාමරයක සඟවා තිබියදි සොයාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

සැකකරු විසින් පොලීසිය හමුවේ පවසා තිබෙන්නේ, තවත් රන් ආභරණ වලින් කොටසක් පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙලඳසැල් කිහිපයකට අලෙවි කර ලබා ගත් රුපියල් ලක්ෂ 24ක මුදලක් කැසිනෝ ක්‍රීඩාව සඳහා වැයකළ බවටයි.

තවදුරටත් පොලීසිය සිදුකළ ප්‍රශ්ණ කිරීම් හමුවේ සැකකරු පසුගිය 2023 වසරේ වෙන්නප්පුව මනම්පිටිය සමූපකාර ග්‍රාමීය බැංකුවේ ජනේල්වල ග්‍රිල් කපා මේ ආකාරයෙන්ම සොරකමක් සිදුකර ඇති අතර එහිදි සොරාගත් කිලෝ 3 හමාරක බරකින් යුත් රන් භාණ්ඩ අලෙවි කර එම මුදලින් තමා දැනට බාවිතා කරන මෝටර් රථය මිලදී ගත් බවත් ප්‍රකාශ කර තිබේ.

අද සිට රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..

අද සිට රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්..කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්..


එමෙන්ම පොලීසිය අනාවරණය කරගෙන තිබෙන්නේ, 2022 වසරේ සිට මේ දක්වා ජා ඇළ, වැලිසර, රාගම, මහබාගේ, කඩවත ආදි ප්‍රදේශවල තැපැල් කාර්යාල, සතොස, ආහාරඅලෙවිසැල් වල සේප්පු කපා සැකකරු විසින් මුදල් සොරකම් කර ඇති බවයි. 

මේ කිසිදු අවස්ථාවක සැකකරු පොලීසිය වෙත හසු නොවී මෙම සොරකම් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.