බංග්ලාදේශ විරෝධතා හේතුවෙන් තවත් තීව්‍ර වෙයි...අන්තර්ජාල සම්බන්ධතාත් අත්හිටුවයි.(PHOTOS)

Bangladesh World
By Sithumini Jul 18, 2024 02:47 PM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report


රටේ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අයගේ පවුල්වලට රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට එරෙහිව පසුගිය ජුලි 01වනදා සිට බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතාවයන් ආරම්භ වුණා.

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර පොලිසිය විසින් විරෝධතාවයන් පාලනය කිරීම වෙනුවෙන් රබර් උණ්ඩ, වෙඩි උණ්ඩ, කඳුළු ගෑස් භාවිතා කර තිබුණා. මෙම ගැටුම්වලින් හය දෙනෙකු මිය ගොස් සිය ගණනක් තුවාල ලැබුවා.

එරට මිලියන 170ක මුළු ජනගහනයෙන් මිලියන 32කට ආසන්න ජනතාවක් රැකියා හෝ අධ්‍යාපනයෙන් බැහැරව සිටින, ඉහළ තරුන විරැකියාවෙන් කෝපයට පත් සිසුන්, 1971 නිදහස් යුද්ධයේ ප්‍රවීණයන්ගේ පවුල් සඳහා සියයට 30ක වෙන්කිරීමේ කෝටාව අහෝසි කරන ලෙසට බලපෑම් කර තිබෙනවා.

ඒ සමගම මේ වන විට එරට අන්තර්ජාල සේවාවන් අත්හිටුවා ඇති බව වර්තා වන්නේ. මේ හේතුවෙන් දින නියමයක් නොමැතිව සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දමා ඇති අතර නීතිය හා සාමය සහතික කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය සහ දේශසීමා ආරක්ෂක පැරාමිලිටරි බලකාය විශ්ව විද්‍යාල පරිශ්‍රවලට යවා තිබුණා.