අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජාත්‍යන්තරය හොල්ලයි..සිදුවූ දේ මෙන්න..

Bandula Gunawardane Sri Lanka
By Aruna Jun 08, 2022 06:53 AM GMT
Report

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ The Newspaper චිත්‍රපටය 23 වැනි ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට සම්මානය හිමිවී තිබෙනවා.

මෙම වසරේ මැයි 29 දින සිට ජූනි මස 05 වැනි දින දක්වා නැගෙනහිර ලන්ඩනය පුරා විහිදී යන මෙම ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී විවිධ විශේෂාංග පවත්වනු ලබන අතර බ්‍රැඩි ආට්ස් සෙන්ටර්හිදී සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට දර්ශනය කළේය.

මෙම සිනමා දැක්මේදී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, සම්මන්ත්‍රණ, ආදිය පැවැත්වේ.

වෘත්තීයමය සිනමා නිෂ්පාදකයින්, අධ්‍යක්ෂකවරු, ඡායාරූප ශිල්පීන්, කර්තෘවරුන්, සිනමා මාධ්‍යවේදීන් ආදී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සහභාගී වන මෙම සිනමා උළෙලේ අවසානයේ ජයග්‍රාහකයින් නිවේදනය කරයි.

ජාත්‍යන්තර සිනමා උළෙලකදී The Newspaper සිනමා පටය සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර එම චිත්‍රපටය මීට පෙර බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී දකුණු ආසියාවේ හොඳම සිනමා කෘතිය ලෙස සම්මානයට පාත්‍රවිය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ 4 වැනි සම්මානනීය සිනමා කෘතිය වන The Newspaper චිත්‍රපටය සඳහා සම නිෂ්පාදන දායකත්වය ඩබ්.

පේමසිරි මහතා සහ රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරු එක්වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now