විදෙස්ගත ශ්‍රමිකයන් සදහා කටුනායක ගුවන් තොටුපලේ වෙන් වූ විශේෂ වැඩපිළිවෙළ..

Bandaranaike International Airport Sri Lanka
By krishani Sep 02, 2022 12:35 AM GMT
Report

විදේශගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ගෞරවනීය පිළිගැනීමක් ලබාදීමට විශේෂ පිවිසුම් ද්වාරය HOPE GATE නමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ඊයේ (01) දින විවෘත කර තිබේ.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොලෙන් විදේශ රටකට පිටත්ව යන ශ්‍රමිකයාට මෙන්ම විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ට මෙම නව පිවිසුම් ද්වාරය විවෘත වේ.

ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයාට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට නියමිත අතර ඒ සදහා සහාය ලබාදීමට විශේෂ සත්කාරක සේවා සැපයීමේ කණ්ඩායමක්ද යොදවා ඇත.

HOPE GATE හරහා ඉදිරියේදී විදේශ ගත ශ්‍රමිකයින් සදහා වෙන්වූ විශේෂ විවේක පහසුකම් ලබාගැනීමේ ස්ථානයක්ද ගුවන්තොටුපොලේ ස්ථාපිත කිරීමට නියමිතව ඇති අතර මුදල් හෝ බලය ඇති පිරිසට ගුවන් තොටේ දී ලැබෙන වීඅයිපී පහසුකම විගමනික ශ්‍රමිකයන්ටත් ඒ ලෙසින් ම ලබා දේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join