"..මගේ රත්තරන්ව බලන්න එක්කන් යන්න.." 24 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කල ඇග හිරිවැටෙන අනතුර..(VIDEO)

Bandaragama bike accident Raigama Horana hospital Pokunuvila
By Sewvandhi Mar 07, 2022 07:55 AM GMT
Report

තිදෙනකු ගමන් ගත් යතුරු පැදියක් අද (07) අලුයම 1ට පමණ බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී ගේට්ටුවක් සවි කර ඇති කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිය පැදවු පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය පවසයි. අනෙක් දෙදෙනා බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ හසලක මහා අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන් කුමාර විජේසිංහ නැමති වයස අවුරුදු 24ක විවාහක පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ බිරිඳ සිය ස්වාමියාගේ මරණය දරා ගත නොහැකිව හඬා වැළපෙන අයුරු එහි ගිය අප වාර්තාකරුවන්ට දක්නට ලැබුණි.

"මම නනා හිටියේ. එයා මාව ගෙදර දාලා ගියා එන්නම් කියලා...මගේ රත්තරන්ව බලන්න එක්කන් යන්න මට එයාව බලන්න ඕනේ..." පොකුණුවිට ප්‍රදේශයේ සංගීත සන්දර්ශනයක් නරඹා හොරණ පානදුර මාර්ගය හරහා යළි බණ්ඩාරගම නවාතැන්පොළ වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් දහයක් පමණ පැති කාණුවක් දිගේ පැමිණ අනතුරුව  කොන්ක්‍රීට් කනුවේ ගැටී එම අනතුර වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. 

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now