කෙසෙල් කොළේ බත් කෑවොත් වෙන දේ මෙන්න.

Banana Sri Lanka Fried rice
By Wayomi May 31, 2022 11:12 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

🍃  කෙසෙල් කොළේ බත් කන්න අපි හැමෝම ආසයි. ඒ ඒකෙන් එන සුවඳට සහ රසට වහ වැටෙන නිසා. කෙසෙල් කොළයටම ආවේණික වූ ඉටි වර්ගයක් තියෙනවා. කොළයට උණු උණුවෙම බත්, ව්‍යංජන බෙදුවාම තමයි ඒ ඉටි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ.රස්නෙට දියවෙලා ඒවා කෑම වලට එකතු වෙනවා. ඒ ඉටි නිසා තමා කෙසෙල් කොළේ ඔතපු බත් එක එච්චර රස සහ සුවඳ.

කෙසෙල් කොළේ රත් කරලා තවද්දී ඒකෙ තියෙන පෝෂ්‍ය පදාර්ථ උත්තේජනය වෙලා බත් එක එකතු වෙනවා. ඒ කියන්නේ කලින් කියපු ඉටි එක. මේ පෝෂ්‍ය පදාර්ථ වලට අමතරව බැක්ටීරියා නාශක, විටමින් A, සිට්රික් අම්ලය වගේම කැරොටින් අම්ලයත් කෙසෙල් කොළේ අඩංගුයි. 🍃

කෙසෙල් කොළයෙන් ආහාර ගැනීමේ ඇති ප්‍රයෝජන

🍃 ක්ලෝරෆිල් නැමැති සංඝටකය මගින් බඩවැල් වල ඇති වන තුවාල සහ සමේ ඇතිවන තුවාල සුවපත් කිරීම.

🍃 රුධිරය පිරිසිදු කිරීම.

🍃 ආහාර අරුචිය වඩවන අතර ආහාර දිරවීම පහසු කිරීම.

🍃 වකුගඩු වල සහ මුත්‍රාශයේ ගල් ඇති වීම වැලැක්වීම මෙන්ම රෝගයන් රැසකට ගුණ දෙනවා.

🍃 මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීම.