පාන් ඇතුළු බේකරි නිෂ්පාදන රැසක මිල පහළ යයි?..ජනතාවට අද සුබ පණිවිඩයක්.
Business Mobile
Sri Lanka
By Aruna
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන රැසක මිල අද (31) අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවත් මාධ්‍යවලින් පළකරන මිලට පාන් පිටි බේකරිවලට නොලැබෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.
මේ අනුව පාන් ගෙඩියක් රුපියල් 10ත් 20ත් අතර මිලකින් අද (31) සිට අඩු කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.
රුපියල් 320 ක්ව පැවැති පාන්පිටි කිලෝවක් මේ වන විට 298 ක් දක්වා අඩු වී ඇති බව කී ජයවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමු කර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේ බේකරි නිෂ්පාදන වල මිල පහල යනු ඇතැයි පාරිභෝගික ජනතාව දැඩි අපේක්ෂාවෙන් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |