කොන්දේසි කිහිපයක් මත සිරිධම්ම හිමිට ඇප.

Theripehe Siridhamma Thero
By Wayomi Nov 23, 2022 06:37 AM GMT
Report

ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත හමුවට පමුණුවනු ලැබූ අතර එහිදී මෙලෙස උන්වහන්සේට ඇප හිමිවුණා.

එහිදී සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් තවත් ඇප කොන්දේසියක් පනවා තිබෙනවා.

මේ අතර එම නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකාර සිරිධම්ම හිමියන්ට ඇප කොන්දේසියක් පැනවූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත පැවැත්වෙන කාලසීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැළකිය යුතු බවත් එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කරන බවත් නියෝගයේ සඳහන් කර තිබුණා.