රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට අද ලැබුණ නියෝගය.. (PHOTOS)
Sri Lanka Police
Sri Lanka Politician
Sri Lanka Magistrate Court
Sri Lankan political crisis
By krishani
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල සහ ටෙනිසන් ෆෝන්සේකා යන සැකකරුවන් අද (08) දින ඇප මත මුදා හැරුණේ ය.
ඒ දැවි තෙල් පිරිපහදු කිරීමේ ආයතනයකින් රුපියල් කෝටියක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියට අදාලවයි මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ.
අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන් ඇප මත මුදා හැරිණ.
එහිදී එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.