දින 07ක් වයසැති කිරි කැටියන් දෙන්නා අලෙවි කළ මව හඬා වැටෙයි - අලෙවි කරන්න හේතුවත් හෙළි වෙයි.. පියත් අධිකරණයට ඇවිත් කීව කතාව.. වීඩියෝ සහිතයි.. (VIDEO)
දින 7ක් වන නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට අලෙවි කළ සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් බිළිඳුන්ගේ මව ඇතුළුව කාන්තාවන් තුන්දෙනෙකු පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගැණින.
ඔවුන්ව ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ වත්තල මහේස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
එහිදී මව පවසා ඇත්තේ, දරුවන් හදා වඩා ගැනීමට වත්කමක් නොමැති නිසා අලෙවි කිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව දරුවන් භාර ගැනීමට තමන්ට නොහැකි බව ඇය අධිකරණයේ සඳහන් කළේ ය.
දරුවන්ගේ පියා බව පවසමින් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ මෙම දරුවන් දෙදෙනා තමන්ට භාර දෙන ලෙසයි.
මේ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා අදාල පුද්ගලයාගෙන් විමසා ඇත්තේ මව සමග ඔහු නීත්‍යානූකූලව විවහා වී ඇත්ද යන්නයි.
නමුත් තමන් මෙම කාන්තාව සමග නීත්‍යානුකූලව විවාහා වී නොමැති බව ඔහු සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, එහිදී අධිකරණය සඳහන් කළේ නීත්‍යානුකූල භාවයකින් තොරව දරුවන් භාර දිය නොහැකි බවයි.
අනතුරුව දරුවන් පරිවාස භාරයට යොමු කෙරිණ.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,