මවගේ අපස්මාරය සිගිත්තියගේ ජීවිතය අහිමි කරයි
මවට වැළඳුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් කුඩා දැරියක් ආහාර උගුරේ සිරවී අවාසනාවන්ත පුවතක් වාර්තා වෙයි.
අදාළ සිදුවීම වාර්තාවන්නේ බගවන්තලාව බ්‍රිඩ්වේල්වත්ත වන අතර මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුද්දක කුඩා දැරියකි. ඒ මවට වැළදුණු අපස්මාරය හේතුවෙනුයි.
අනාවරණය වී ඇත්තේ, දිවා ආහාරය පිළියෙළ කර තම සිඟිති දියණියට ලබාදෙමින් සිටියදී අදාළ 26 හැවිරිදි මවට අපස්මාරය රෝගී තත්ත්වය වැළඳී ඇති බවයි.
පසුව අසල්වාසී පිරිස නිවස තුළ අදාළ කාන්තාව වැටී සිටිනු දැක සොයාබැලීමේදී කුඩා දැරියද එම ස්ථානයේ මව බදාගෙන සිටිනු දැක කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.සිඟිති දැරිය ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල්ගතකිරීමේදී අනාවරණය වී තිබේ.
ආහාර ගනිමින් සිටින අවස්ථාවේදී ආහාර සිඟිති දැරියගේ උගුරේ සිරවීම හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
සිඟිති දැරියගේ මව වන 26 හැවිරිදි කාන්තාව කලක් තිස්සේ අපස්මාර රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇති බවටද මේ වනවිට අනාවරණය වී තිබේ.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර බගවන්තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.