බදුල්ලේ ඇඩ්‍රස් වෙනස් කිරීමත් සමඟ හෙන ජරමරයක්.

Badulla Sri Lanka Government Of Sri Lanka
By Wayomi Nov 08, 2023 05:54 AM GMT
Report

බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම් කර නොතිබූ සියලු මාර්ග සහ නිවාස සඳහා අංක සහිතව ලිපිනයන් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කරන මෙම නව වැඩපිළිවෙල හේතුවෙන් ජනතාව දැඩි අපහසුවතවයට පත්ව ඇති බව බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය පවසනවා.

ඒ, නිසි ලිපිනයක් නොමැතිවීම හේතුවෙන් සම්මුඛ පරික්ෂණ, පත්වීම් ලිපි යනාදී ලිපිලේඛන නොලැබීම හේතුවෙන්.

"එකම නමින් කීපදෙනෙක් සිටීම, නිවාස අංකයක් නොතිබීම මෙන්ම ලිපිනයන් ඇති අය පවා නිවැරැදි ලෙස සම්පූර්ණ ලිපිනය සටහන් නොකිරීම නිසා ලිපි හා පාර්සල් ඔවුන් වෙත ලබාදීමේ බරපතළ ගැටලුක් ඇතිවී තිබෙනවා. ලියුම් බෙදන්නන් බොහෝ වෙහෙස වී ඒවායේ අයිතිකරුවන් සොයා ගන්නා නමුත් එසේ සොයාගත නොහැකිවූ අවස්ථාවන්හි ඒවා නැවත තැපැල් කාර්යාලවලටම රැගෙන යනවා"