හත් හැවිරිදි දරුවාට කැත්තෙන් කෙටු සැකකරු අල්ලයි

Sri Lanka Police Badulla Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Sep 01, 2022 03:02 PM GMT
Report

රුපියල් 100ක් රැගෙන වෙළෙඳ සැලකට යමින් සිටි බදුල්ල - කන්දේකැටිය - වෙන්දේසියාය ප්‍රදේශයේ කුඩා දරුවෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී දරුණු කැපුම් තුවාල සිදුකර තිබෙනවා. බරපතළ තුවාල ලැබූ දරුවාගේ දිවි බේරා ගැනීමට හැකිවී ඇත්තේ පැය 7 ශල්‍ය කර්මයකින් අනතුරුවයි. 

 මේ අතර, දරුවාට තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අද(01) දහවල් පොලීසිය අත්අඩංගුවට ගත් අතර, ඔහු එම දරුවාගේ ඥාති සීයා කෙනෙකු ද වනවා. දරුණු ලෙස කැපුම් තුවාල ලැබූ දරුවා ප්‍රදේශවාසීන් විසින් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර යැවුණා. එහි දී විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් සහ තවත් වෛද්‍ය සහ හෙද නිලධාරීන් විශාල පිරිසකගේ මැදිහත්වීමෙන් දරුවා ව කඩිනමින් ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා.

දරුවාට මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළ සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන අතර, ඔහු මෙම සිදුවීමෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා. සැකකරු සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් කළුගහකඳුර රක්ෂිතය තුළ මෙහෙයුමක් ආරම්භ කළේ ඉන්අනතුරුවයි.

කෙසේවෙතත් වනය තුළ සැඟව සිටි සැකකරු අද පස්වරුවේ අල්ලා ගැනීමට පොලීසියට හා ප්‍රදේශවාසීන්ට හැකිවුණේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. පොලීසිය සඳහන් කළේ, රක්ෂිතය තුළ සැඟව සිටි සැකකරු අකිලට පහරදීම සඳහා යොදාගත් කැත්තෙන් සහ ගල්මුල් වලින් පොලීසිය දෙසට ගල් ප්‍රහාර එල්ල කරමින් දිව යද්දී පර්වතයකින් ඇද වැටී තුවාල ලැබූ බවයි.

මේ සැකකරු දරුවාට පහර දීමට යොදාගත් කැත්ත පොලිස් භාරයට ගැනුණා. ‍අත්අඩංගුවට ගත් 54 හැවිරිදි සැකකරු දරුවාගේ ඥාති සීයා කෙනෙකු ද වීම විශේෂත්වයක්. සැකකරු මානසික ආබාධ සහිත පුද්ගලයෙකු බවට ද තොරතුරු වාර්තා වනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now