දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් අප්‍රසාදයට පත් වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවතට
අකාර්යක්ෂ්මතාවය හා දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ භද්‍රාණි ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
පසුගිය වසර දෙකක පමණ කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යාංශය විසින් දියත් කරන ලද වැඩසටහන් නිසි ලෙස කළමණාකරණය කිරීමට හෝ කාර්ය මණ්ඩලයට මඟ පෙන්වීමට නොහැකි වීම තුළ ජනතාවගේ අප්‍රසාදය මෙන්ම කාර්ය මණ්ඩලයේ හා ආයතන වල අප්‍රසාදයට ලක් වීම තුළ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
භද්‍රාණි ජයවර්ධන මහත්මිය විසින් වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ධූරයට අමතරව ආයතන ගණනාවක සභාපති ධූරය ද, තවත් ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද දරමින් සිටයා.
මහපොළ නෙට්වෙල්ත් සමාගම, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යන ආයතන වල සභාපති ධූරයන් ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල් මණ්ඩලය යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද මෙම ලේකම්වරිය විසින් දරා තිබෙනවා.
ඒ අනුව, මෙරට වැදගත්ම අමාත්‍යාංශයක් වන වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරී ඇති රාජකාරී පැහැර හැරීම තුළ, අවම වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හෝ නොහැකිව දිගින් දිගටම මහජනතාව පත් වූ අපහසුතා සඳහා මෙම ලේකම්වරිය ඍජුවම වගකිව යුතු බව එම ආයතන වල කාර්ය මණ්ඩලය පෙන්වා දෙනවා.
හිටපු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද අවස්ථා ගණනාවක දී මෙම ලේකම්වරියගේ ක්‍රියාකලාපය පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින්, කාර්යක්ෂ්ම ලේකම්වරයෙකු පත් කර දෙන මෙන් ඉල්ලා ඇතත්, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් මෙම ලේකම්වරිය ඉවත් කිරීමට තරයේ විරුද්ධ වී ඇති බව ද වාර්තා වනවා.
අමාත්‍යාංශ ලේකම් ධූරයට හිමි වාහනයට අමතරව, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් පත්වීමෙන් පසුව සභාපතිවරයාට නිල බලයෙන් හිමි වන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයද භද්‍රාණි ජයවර්ධන විසින් භාවිතා කර ඇති බව සඳහන් වනවා.
එම ජීප් රථය සඳහා පසුගිය මාසය තුළදී පමණක් ඉන්ධන ලීටර් 435ක් ලබා ගෙන ඇති බවට මෙම දූෂිත නිලධාරිණිය විසින් බිල්පත් ඉදිරිපත් කොට ඇති අතර, සතොස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම බිල්පත් සඳහා මුදල් ගෙවීම තරයේ ප්‍රතික්ෂේප කර, ගෙවීම් අත්හිටුවා ඇති අතර මෙම ඉන්ධන භාවිතය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |