වතුර බැරලයකට වැටී කුඩා දරුවෙකු මියගිය.. ඇග කිලිපොලා යන සිදුවීම..

Baby death mulathiv
By Sithumi Mar 20, 2022 02:57 PM GMT
Report

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, කයිවේලි ප්‍රදේශයේදී වතුර පිරවු බැරලයකට වැටී කුඩා පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 1යි මාස 2ක පිරිමි දරුවෙකු බවට අනාවරණය වී ඇත. 

පොලීසිය පැවසූවේ, දරුවා දෙමාපියන් සමග සිටි අවස්ථාවේ දෙමාපියන්ගේ ග්‍රහණයෙන් මිදී ගොස් එලෙස ජලය පිරවු කුඩා බැරලයට වැටී ඇති බවය. දරුවා පෙනීමට නොසිටීම හේතුවෙන් දෙමාපියන් දරුවා සොයාබැලීමේදී දරුවා වතුර බැරලයට වැටී සිටිනු දැක, වහාම රෝහල් ගත කොට ඇති අතර එහිදි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පැවසීය.  .

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මුලතිව් රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. පොලීසිය පැවසූවේ කුඩා දරුවන් සිටින දෙමාපියන් දරුවන් සම්බන්ධයෙන් නිරතුරු අවධානයෙන් පසුවිය යුතු බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now