අවිවාහක අයටත් දරුවන් හදන්න මෙන්න අවස්ථාවක්..

Wedding China
By Sewvandhi Jan 30, 2023 10:21 AM GMT
Sewvandhi

Sewvandhi

in චීනය
Report

චීන ප්‍රාන්තයක් මගින් ජනගහනය වැඩිකර ගැනීමට සුවිශේෂී තීරණයක් ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව චීනයේ සිචුවාන් ප්‍රාන්තය තීරණය කර ඇත්තේ දරුවන් ලැබීමට කැමති අවිවාහක අයට ඒ අවස්ථාව ලබාදීමටය. 

 එවැනි අවිවාහක පුද්ගලයින්ට දරුවන් ලැබුණු පසු විවාහක පුද්ගලයින් ට රජයෙන් ලබාදෙන සහන ලබාදීමටද නියමිතය. එමගින් එරට ජනගහනය වර්ධනය කර ගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි.

චීනයේ නීතිය අනුව දරුවෙක් බිහිකිරීමට නිත්‍යානුකූල අවසරය ලැබෙන්නේ විවාහක කාන්තාවන්ට පමණි. නමුත් මෑත කාලයේ එරට නව දරු උපත් දැඩි ලෙස පහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now