ලොවක් සංවෙදි කරමින් යුධ ගිනි මැද යුක්රේනයේ උමං මගක දරු උපතක්
රුසියානු ප්‍රහාර මධ්‍යයේ කියෆ් උමං දුම්රිය ස්ථානයේ රැකවරණ ලබමින් සිටින ගර්භනී මවක් ඊයේ එහි දරු ප්‍රසූතියක් සිදු කර ඇති බව ද වාර්තා වනවා.
උමං දුම්රිය ස්ථානයේ නවතා ඇති දුම්රිය, ජනතාවට රැකවරණ ලැබීම සඳහා විවෘතව පවතින බව සඳහන්.
එහි යුක්රේන කාන්තාවක් දරුවෙකු බිහිකිරිමේ පුවත ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා.
මේ අතර කියෆ් අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුර රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති අතර, එහි සිට අගනගරයට කඩාවැදීම දුෂ්කර නො වන බවයි ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
කියෆ් නගරාධිපති හිටපු හෙවිවේට් බොක්සිං ශූර විටාලි ක්ලිට්ස්ච්කෝ කියා සිටියේ, දුෂ්කර සමයක් ඉදිරියේ එළඹෙනු ඇති බවයි.
මේ අතර රුසියාවට අයත් විශාල ගුවන් යානයක් තමන් බිම හෙලූ බව යුක්රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා සඳහන් කළා.
කෙසේ නමුත් ඉලියුෂින් හැත්තෑ හය වර්ගයේ මෙම ගුවන් යානය බිම හෙලීමේ පුවත මෙතෙක් සනාථ වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |