දිය නාමින් සිටි පිරිසකට හදිසියේ ප්‍රහාරයක්...50ක් රෝහලට...30ට බරපතලයි..!
Sri Lanka
Dikoya
Babara attack
By Aruna
අනුරාධපුර සිට පැමිණ කෙසෙල්ගමු ඔයේ දිය නාමින් සිටි පිරිසක් අතර සිටි අයකු බඹර කූඩුවකට ගලකින් පහර දිම නිසා බඹරුන් ඇවිස්සි ප්‍රහාරයට ලක් වූ 50කට ආසන්න පිරිසක් රෝහල්ගත කළ බව පොලිසිය පවසනවා.
රෝගින් අතරින් බරපතල තත්ත්වයේ සිටි රෝගින් 30 දෙනකු පමණ වටවල ප්‍රාදේශිය රෝහල සහ දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව වාර්තා වේ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අය අතර කාන්තාවන් සහ කුඩා ළමුන් කිහිප දෙනකු සිටින බවත්, තුවාලකරුවන් යුද හමුදාවේද සහයෝගය ඇතිව රෝහල් ගත් කළ බවත්, තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් නෝටන්බ්‍රිජ් ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයා කියා සිටි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |