ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනෙකෙුගේ නම් සඳහන් කරමින්,සිදුකළ හඬ පටයක් නිසා පොලිස් ස්ථානාධිපතිව වහාම ක්‍රියාත්මක පරිදි මාරු කරයි..
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මතබේධකාරී හඩ පටයක් හේතුවෙන් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වූ ඊ එම් අයි බී විජේරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පොලිස් කොට්ඨාශය වෙත මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝග කර තිබෙනවා.
මෙසේ මාරුකර යැවුණු බෙලිඅත්ත හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට මෙතෙක් කිසිදු රාජකාරී පැවරීමක් සිදුකර නැහැ.
පොලිස් පරීක්ෂක ඊ එම් අයි බී විජේරත්න දකුණු පළාතේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනෙකෙුගේ නම් සඳහන් කරමින් ඔවුන් සිටින තාක් තමන් බෙලිඅත්ත පොලිස් ස්ථානයෙන් මාරුකර යැවිය නොහැකි බවත් තමා කටයුතු කරන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට බවත් සඳහන් කරමින් සිදු කරන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය සමයේ දැඩි ලෙස සංසරණය වුණා.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස මහනුවර පොලිස් කොට්ඨාශය වෙත මාරුකර යවා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |