ජනප්‍රිය තැනක 2500ක් නිරුවතින් ඉන්න අවසර..සියලුම දෙනාගේ වීඩියෝ සහ ඡායාරූපත් ගනී..(PHOTOS)

Australia
By Aruna Nov 25, 2022 12:43 AM GMT
Report

ජනප්‍රිය වෙරළ තීරයක නිරුවතින් රැඳී සිටීමට ලැබුණු අවසරයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි. එරට අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් වන සිඩ්නි නුවර Bondi Beach මෙම සති අන්තයේදී නිරුවත් වෙරළ තීරයක් කිරීම සඳහා මෙම අවසරය හිමිව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස නිල වශයෙන් එරට වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථමවරට බවයි.

ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් සංවිධානය කර ඇති ඡායාරූප ගැනීමේ ඉසව්වක් වෙනුවෙන් මෙම සුවිශේෂී අවසරය හිමිව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඒ සඳහා Waverley නගර කවුන්සිලය අවසර ලබා දී ඇති බවය.

එරට වාර්ෂිකව මියයන චර්ම පිළිකා රෝගීන් සිහිපත් කිරීම උදෙසා මෙම ඉසව්ව සංවිධානය කර තිබේ.

ඔස්ට්‍රේලියානුවන් 2000ක් පමණ චර්ම පිළිකා රෝගීන් මියයන බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

ඒ අනුව එදිනට පමණක් හිමිවන මෙම අවසරයත් සමඟ එරට වැසියන් සහ සංචාරකයින් 2500කට ආසන්න ප්‍රමාණයක් නිරුවතින් එම ඉසව්වට එක්වනු ඇති බවට සංවිධායකයින් මත පළකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery