ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ දෙයක් අද සිදු වෙයි..

Australia Cricket Team Afghanistan Cricket Team 2024 T20 World Cup Cricket Tournament ICC Men
By Aruna Jun 23, 2024 06:12 AM GMT
Report

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති 48 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථාන - ඔස්ට්‍රේලියා තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත් වුණා.

ඒ මෙතෙක් මෙම තරගාවලියේ අපරාජිතව සිටි ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින් වීම විශේෂත්වයක්.

තනිකඩ තරුණයින්ට සතුටුදායක ආරංචියක්..ලස්සන ගර්ල් කෙනෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..

තනිකඩ තරුණයින්ට සතුටුදායක ආරංචියක්..ලස්සන ගර්ල් කෙනෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..


අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

එහිදී Rahmanullah Gurbaz ලකුණු 60ක්ද, Ibrahim Zadran ලකුණු 51ක්ද, Karim Janat ලකුණු 13ක් සහ Mohammad Nabi නොදැවී ලකුණු 10ක් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලබා ගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Pat Cummins කඩුලු 03ක්ද, Adam Zampa කඩුලු 02ක් සහ Marcus Stoinis එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 149ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 19යි පන්දු 02ක් තුළ දී සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 127ක් පමණි.

Glenn Maxwell ලකුණු 59ක්ද, නායක Mitchell Marsh ලකුණු 12ක්ද, Marcus Stoinis ලකුණු 11ක්ද රැස් කළා.

හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..

හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..


කෙසේනමුත් වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හමුවේ ඉඩ ලැබුණේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Gulbadin Naib කඩුලු 04ක්ද, Naveen-ul-Haq කඩුලු 03ක්ද, Azmatullah Omarzai,Mohammad Nabi සහ Rashid Khan එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

එමෙන්ම ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වුණේ, එක්දින සහ පන්දුවාර20 ලෝක කුසලාන තරගාවලියකදී ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය ලෙසයි