උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි 33ක් - හෙක්ටයාර දෙදහසක් විනාශ වෙලා.. (විදෙස්)

Australia
By krishani Mar 07, 2023 09:36 AM GMT
Report

නැගෙනහිර ඕස්ට්‍රේලියාවට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි සමඟ වනාන්තර ප්‍රදේශ රැසක් විනාශ වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය අවට හෙක්ටයාර දෙදහසක් පමණ ඉරිදා සිට මේ දක්වා විනාශ වී ඇත.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති අතර අද වන විටත් ප්‍රාන්තය පුරා ලැව් ගිනි 33ක් වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join