අගෝස්තු මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට
Latest Headlines
Aswasuma
Sinhala news
Puwath.lk
By R.rishma
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම සුබසාධක දීමනාව අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබන පවුල් 999,502ක් සඳහා රුපියල් බිලියන 9.24කට ආසන්න මුදලක් බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
එමෙන්ම, දෙවන අදියරේ ප්‍රතිලාභ ලබන පවුල් 212,955ක් සඳහා රුපියල් බිලියන 2.32කට ආසන්න මුදලක් ගෙවීමට සැලසුම් කර ඇති බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ප්‍රතිලාභී පවුල් වෙත අද සිට බැංකු ගිණුම් හරහා ලබාදීමට කටයුතු කර තිබේ.