" තව ඉවර නෑ මැඩම්. ලිස්ට් එකේ ගොඩක් අය ඉන්නවා" - ඩිලාන්ට එල්ල වූ පහර දීමට සැක සහිත පුද්ගලයෙක් මුහුණු පොතෙන් එළියට ආ හැටි. (PHOTOS)

By Wayomi Dec 15, 2022 11:26 AM GMT
Report

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

සිදුවීමෙන් තුවාල ලැබූ ඩිලාන් සේනානායක මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ මෙම පහරදීම නිසා ඔහුගේ පාදයකට සහ උරහිසට තුවාල සිදු වී තිබෙනවා.

ඔහුට සිදු වූ මෙම ඛේදවාචකය ගැනසමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු කණගාටුව ප්‍රකාශ කරමින්, ඔහුට ඉක්මන් සුව පතා තිබුණා.

ඒ අතරින් කාන්තවක් විසින් පළ කර තිබූ පොස්ට් එකට " කසුන් දිසානායක " නමැති පුද්ගලයෙක් අදහස් දක්වමින් පවසා තිබුණේ, " තව ඉවර නෑ මැඩම්. ලිස්ට් එකේ ගොඩක් අය ඉන්නවා" යනුවෙනි.

ඇත්තටම මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වා සැක පළ කර තිබුණේ, ඩිලාන්ට සිදු කළ මාරාන්තික පහරදීමට එම පුද්ගලයා සම්බන්ධ ඇති බවත්, ඔහු මැර කාල්ලියකට සම්බන්ධ හෝ දේශපාලන හෙන්චයියෙකු විය හැකි බවයි.

" කසුන් දිසානායක " නමැති පුද්ගලයා අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,  




GalleryGallery